Loading...

අද මැදියම් රැයේ සිට පෙට්‍රල් වාහන සඳහා නැවතත් QR ක්‍රමවේදය

පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ ඩී.ජේ රාජකරුණා මහතා සඳහන් කළේ මීට පෙර පැවැති ආකාරයට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන කෝටාව හිමිවනු ඇති බවයි.

උත්සව සමය වෙනුවෙන් පසුගිය 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කර තිබුණා.

මේ අනුව ඔත්තේ ඉරට්ටේ ක්‍රමය යටතේ අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා QR ක්‍රමවේදය යටතේ පමනක් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *