Loading...

අවුරුදු දින තුනේ මහ මඟදී ජීවිත 19ක් අහිමි වෙලා

අප්‍රේල් 10 වනදා සිට අප්‍රේල් 15 වන කාලය දක්වා දිවයින පුරා මාර්ග අනතුරු 42ක් වාර්තා වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ මේ හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අවුරුදු දින තුන වූ අප්‍රේල් 13, 14, 15 යන දිනවල පමණක් අනතුරු 19 වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 19 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පැවසුවේ වාහන වර්ග අනුව අනතුරු විශ්ලේෂණය කිරීමේදී යතුරුපැදි අනතුරු 16ක් ලෙස ඉහළම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ත්‍රිරෝද රථ 4ක්, වෑන් රථ 4ක්, මෝටර් රථ 2ක්, කැබ් රථ 2ක්, පාපැදි 2ක් සහ හප්පා පලායෑම් සිද්ධියක් ද ඇතුළත් බවයි.

තවද 2025 වසරේ අවුරුදු දින තුන තුළ අනතුරු 25ක් සහ මරණ 26ක් වාර්තා වූ අතර මේ වසරේ එම ගණන 19ක් දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කරනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අනතුරු සඳහා ප්‍රධාන හේතුව ලෙස බීමත්ව රිය පැදවීම හඳුනාගෙන ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *