පරිගණක මුල්‍ය අපරාධ සිදු කිරීම සඳහා මෙරටට පැමිණෙමින් සිටි චීන ජාතිකයින් 09 දෙනෙක් අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ගුවන්තොටුපොළ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙම පිරිස අද (16) අලුයම 12.25ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්. යූ 6912 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ තිබුණා.
ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සෙලෝටේප් යොදා පාවිච්චි කළ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් සහ වයිෆයි රවුටර් 06ක් සඟවා ගෙන පැමිණ ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් පිරිස ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සිය භාරයේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.








Leave a Reply