Loading...

ආසියාතික ජනතාවට සහන සපයන්න ජපානයෙන් තීන්දුවක්

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් පීඩා විඳින ආසියාතික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඩොලර් බිලියන 10ක් වටිනා මුල්‍ය රාමුවක් සැකසීමට ජපානය තීරණය කර තිබෙනවා.

ජපානය මෙම තීරණය ගෙන ඇත්තේ පවතින වාතාවරණය යටතේ ඉරාන යුද්ධය තවදුරටත් වර්ධනය වුවහොත් ගෝලීය අවපාතයක් ඇති විය හැකි බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා ඇති පසුබිමකයි.

ලෝක ආර්ථික වර්ධන ඉලක්ක පිළිබඳව මේ වසරේ වාර්තාව නිකුත් කරමින් එම අරමුදල මේ බව සඳහන් කළා.

මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක ආර්ථික වර්ධන වේගය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසර තුළ 0.03%කින් පහළ යනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *