Loading...

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දින සිට බස් රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂ, ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සියලුම පළාත් ප්‍රවාහන අධිකාරීවලට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි.

මේ අතර අද (15) සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසන්නේ මඟී අවශ්‍යතාව මත අදාළ දුම්රිය ධාවනය සඳහා එක් කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *