2026 වසරේ මාර්තු මස තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 814.8ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 වසරේ මාර්තු මසදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් ලෙස වාර්තා වූ බවයි.
මේ අනුව 2026 මාර්තු මස දී විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 121.5කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදේශ සේවා නියුකතිකයන් විසින් මෙරටට ඩොලර් බිලියන 2.29ක පමණ විදෙස් ප්‍රේෂණ එවා ඇති බව වාර්තා වනවා.
එය ගත වූ වසරට සාපේක්ෂව සියයට 26.5ක වැඩි වීමක් බවද වැඩිදුරටත් වාර්තා වනවා.








Leave a Reply