Loading...

පුද්ගලික සරසවියක සිසුන් දෙපිරිසක් ගැටී පුද්ගලයෙක් මරුට

හෝමාගම මොරගහෙන ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයකට සැකපිට සැකකරුවන් 5 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරගහේන ප්‍රදේශයේ හෝටලයකදී පුද්ගලයෙක් මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරනවා.

එම හෝටලේ පුද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුර බහින් බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්ව විද්‍යාලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධව හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *