Loading...

IMF ශ්‍රී ලංකාව සමඟ 5 වන සහ 6 වන සමාලෝචන සඳහා එකඟතාවයකට පැමිණෙයි

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකරන ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබෙනවා.

මෙම සමාලෝචනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුල්‍ය පහසුකම් ලබා ගැනීමට හැකිවනු ඇති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතාගේ නායකත්වයෙන් යුත් IMF දූත පිරිසක් මාර්තු 26 සිට අප්‍රේල් 9 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

නිල සංචාරය අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ විධායක මණ්ඩල අනුමැතිය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සමස්ථ මුල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *