Loading...

GMOA නැවත වර්ජනයක් ආරම්භ කරයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සංගමය සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එකඟ වූ කොන්දේසි උල්ලංඝනය කරමින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍ය නිලධාරීන් 436 දෙනෙක්ට ඔවුන්ගේ නව පත්වීම් සේවා ස්ථාන ඊයේ (08) ප්‍රකාශයට පත්කළා.

මේ අනුව ඔවුන් අද (09) සිට ලබන 11 වනදා දක්වා තමන් අනුයුක්ත කර ඇති රජයේ රෝහල් හෝ සෞඛ්‍ය ආයතන වෙත සේවයට වාර්තා කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ක්‍රියා කලාපය සමඟ තම සංගමය එකඟ වූ කොන්දේසි කඩකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අනුව අද (09) සිට පැය 48ක කාලයක දීප ව්‍යාප්ත රජයේ රෝහල්වල වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *