Loading...

ඊශ්‍රායලයෙන් ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 254 දෙනෙක් මරුට

ඊශ්‍රායලය විසින් ලෙබනය ඉලක්ක කර එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී පවතින බවත් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට බොහෝ පිරිසක් සිරවී සිටින බවත්ය.

ඊශ්‍රායලය මෙම ප්‍රහාර මාලාව හඳුන්වනු ලැබුවේ මෙම ගැටුමේ මෙතෙක් එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ලෙසයි.

ඔවුන් පවසන්නේ විනාඩි 10ක් ඇතුළත හිස්බුල්ලා සංවිධානයට අයත් විධාන මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු 100කට අධික ගණනකට ප්‍රහාර එල්ල කළ බවයි.

මෙම ප්‍රහාර මාලාව බේරූට් අගනුවර දකුණු තදාසන්න ප්‍රදේශ, දකුණු ලෙබනනය සහ නැගෙනහිර බෙකා නිම්නය ඉලක්ක බවට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා මැදිහත් වූ පාකිස්ථානය පැවසුවේ එම එකඟතාවය ලෙබනන් ගැටුමට ද අදාළ වන බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාර මාලාව එල්ල වුණා.

ලෙබනනය කලාපීය සාමය සඳහා වන ක්‍රියාවලියට ඇතුළත් කිරීමට තවදුරටත් උත්සාහ කරන බව ලෙබනන් ජනාධිපති කාර්යාලය සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *