Loading...

අවුරුදු උත්සව සඳහා විදුලිය ලැබෙන්නේ මෙහෙමයි

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ උත්සව සඳහා අවශ්‍ය කරන විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සුදානම්ව ඇති බව වාර්තා වනවා.

අද (07) පැවැති කැබිනට් මණ්ඩල තීරණය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර මේ සඳහා විදුලිය ලබා ගැනීමේ පහසුකම මේ වන විට සලසා දී ඇති බවයි.

මේ අනුව ලබන 15 වනදා සිට 19 වනදා දක්වා විදුලිබල මණ්ඩලයට අදාළ ගෙවීම් සිදුකර එම උත්සව සඳහා විදුලිය ලබාගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

“විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා ඒ නිසා 15 වැනිදා සිට 19 දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබා ගන්න පහසුකම් ලබා දෙනවා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *