ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කුඩා බෝට්ටුවක් සඳහා ලීටරයක රුපියල් 50ක් සහ බහුදින ධීවර බෝට්ටුව සඳහා එක් සංචාරයකට රුපියල් 150000ක් හිමි වනු ඇති.
ධීවර අමාත්‍යාංශය සඳහන් කරන්නේ අප්‍රේල් මස 20 වනදා සිට මෙය ක්‍රියාත්මක වන බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම සම්බන්ධව ඇතිව තිබෙනවා අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ ගැටළුව සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඊයේ (06) පවත්වා තිබුණා.
මෙම සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මේ අනුව අදාළ දීමනාව මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.








Leave a Reply