ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවද ට්‍රම්ප් මෙහිදී පැවසුවා.
අද (07) රාත්‍රී 8ට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වනවා නම් ඉරානයට එරෙහිව දැඩි විනාශකාරී ප්‍රහාර එල්ල කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.
ඔහු කියා සිටින්නේ මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ පාලම් සහ බලාගාර සම්පුර්ණයෙන්ම විනාශ කර ඉරානය ගල් යුගයකට ගෙන යාම සිදුකරන බවයි.
අදින් අනතුරුව ඉරානයට නැවත කිසිඳු සහන කාලයක් ලබා නොදෙන බවද ට්‍රම්ප් අවධාරණය සිටිනවා.
මෙම මාධ්‍ය හමුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධයට සහය නොදැක්වූ රටවලට ද චෝදනා එල්ල කර තිබෙනවා.
පැය එකහමාරක පමණ කාලයක් පැවැති එම මාධ්‍ය හමුවේ දී ඉරානය විසින් පහර දී විනාශ කළ අමෙරිකානු ප්‍රහාරක යානයේ සිටි හමුදා සෙබලා බේරා ගැනීම සඳහා සිදුකළ මෙහෙයුම සම්බන්ධව අමෙරිකානු ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කර ඇති බවද වාර්තා වනවා.
ට්‍රම්ප් මෙහිදී සඳහන් කර ඇත්තේ එම මෙහෙයුම අති භයානක මෙහෙයුමක් බවත් මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා දිවි පරදුවට තැබූ හමුදා සෙබළුන්ට සිය උත්තමාචාරය පිරිනමන බවත්ය.








Leave a Reply