මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි බදාදා දින රජයේ නිවාඩුව අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසන්නේ ලබන 8 වන බදාදා සිට නව තීරණය ක්‍රියාත්මක වන බවයි.
රට තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් සෑම සතියකම බදාදා දින රාජ්‍ය සේවකයින්ට නිවාඩු දිනයක් ලෙස පසුගිය මාර්තු 17 වනදා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.








Leave a Reply