Loading...

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දින සිදු කෙරෙන බව ජාතික ජලාවාහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශ සඳහා දැනට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද (06) උදෑසන 8ට අවසන් වන බවයි.

මේ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 8 සිට පස්වරු 8 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බවද එම මණ්ඩලය සඳහන් කළා.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට එම මණ්ඩලය පියවර ගනු ලැබුවා.

මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදුකරන ජල සැපයුම් කළමනාකරණය හමුවේ අද (06) ප.ව. 8.00 සිට හෙට (07) පෙ.ව 08.00 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *