Loading...

ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට CPC ඉදිරිපිට නිහඬ විරෝධයක

ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් හෙට (06) පෙරවරු 9.30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහත පවසන්නේ ඉන්ධන බෙදා දීමේ දී අනුගමනය කරන ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන ගැටළු මෙම විරෝධතාවය සඳහා ප්‍රධානතම හේතුවක් බවයි.

මෙම ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයින් දැඩි ලෙස අසීරුතාවයට පත්ව ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ ඉන්ධන මිල සුත්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙක් සංස්ථා මෙහෙයුම් ලාභියා ලෙස 6%ක් ලබාගන්නා බවත් ඉන්ධන පිරවුම්හල් වෙත 3%ක ලාභාංශයක් ලබාදීමට කටයුතු කළද එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් කප්පාදු කර ඇති බවත්ය.

ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත අයුරින් ලබා නොදීම තුළ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේ දී දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවද එම සංගමය සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *