Loading...

ඉරානයට තියෙන්නේ තව පැය 48යි – ඩොනල්ඩ් ට්‍රම්ප්

එකඟතාවයකට පැමිණීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයට තවත් පැය 48ක් පමණ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සිය Truth සමාජ මාධ්‍යයන්හි සටහනක් තබමින්.

ඒ සඳහා තමන් ඉරානයට දින 10ක් ලබාදුන් බවද එම සටහනෙන් පෙන්වා දෙනවා.

ට්‍රම්ප් පවසන්නේ දැනටමත් එම කාලය ගෙවී යමින් පවතින බවයි.


අතුරුදන් අමෙරිකානු ගුවන් නියමුවාට ඉරානයෙන් විශාල ලංසුවක්

ඉරානය විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66100ක ත්‍යාගයක් ලබාදෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇති බවයි.

ඉරාන ආරක්ෂක අංශ ඊයේ (03) එල්ල කළ මෙම ප්‍රහාරයෙන් F 15 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණා.

එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරා ගැනීමට සමත් වූ අතර අනෙක් නියමුවා මේ වන විට අතුරුදහන් වී තිබෙනවා.

මේ අනුව සිය කාර්ය මණ්ඩල සාමාජිකයා සෙවීම සඳහා අමෙරිකාව අඛණ්ඩව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *