Loading...

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව හවුල්කාරී රාමුවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීම සහ මාධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කරමින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ‘ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරිත්ව රාමුව’ ඊයේ (02) දියත් කර තිබෙනවා.

පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය වර්ධනය කිරීම සහ ශක්තිමත්, තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ මුලික අරමුණ වනවා.

මෙම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය හා යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ මුලික අරමුණ වන බවයි.

ලෝක බැංකුව සමඟ දශක ගණනාවක් පුරා පැවැති සහයෝගීතාව මෙම ගමනට ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙම නව හවුල්කාරීත්වය යටතේ ඉදිරි වසර පහ තුල ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හරහා අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික සෘජු ආයෝජන සහ ලෝක බැංකුව හරහා අමෙරිකානු ඩොලර් බිලියනක සහනදායී මුල්‍ය පහසුකම් ලබාදීමට නියමිතයි.

තවද පෞද්ගලික අංශයේ නවෝත්පාදන සහ තරඟකාරීත්වය දිරිමත් කිරීම තුළින් ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණ තරුණියන් මිලියනයකට ගුණාත්මක රැකියා අවස්ථා සපයීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ ලෙස හඳුන්වා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *