Loading...

කොළඹ දිස්ත්‍රික්කයේ ජල කප්පාදුව සිදුවෙන්නේ මෙන්න මෙහෙමයි

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන බවයි.

මේ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

තවද හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඊට අමතරව පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට ලබන 5 වනදා රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කරන්නේ මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින 3කට වරක් සිදු කිරීමට නියමිත බවයි.

කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

මේ අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වනදා, හෝමාගමට අප්‍රේල් 8 වනදා සහ පැලැන්වත්තට අප්‍රේල් 9 වනදා වනදා නැවත ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *