Loading...

ඔරියන් යානයේ අලුත්ම තත්ත්වය ගැන තොරතුරු මෙන්න

‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙක් රැගත් ඔරියන් අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක ගමනකින් පසුව මේ වන විට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා.

නාසා ආයතනය අද (03) පෙරවරුවේ මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අනුව ඔරියන් යානයට දින 4කින් සඳට ළඟා වීමට අවස්ථාව උදාවන වනු ඇති.

අමෙරිකානු වේලාවෙන් බදාදා ආරම්භ වූ මෙම මෙහෙයුමට අනුව පෙර සැලසුම් කර තිබූ ලෙසම ගමන් මඟ සම්පුර්ණ කළ හැකි වුවහොත් ඔරියන් යානයට අප්‍රේල් 6 වනදා මිනිස් ඇසට කිසිඳා නොපෙනෙන සඳෙහි අනෙක් පස වටා ගමන් කිරීමට අවස්ථාව උදා වනවා.

මෙය වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන මිනිස් මෙහෙයුම ලෙස සැලකෙනවා.

ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සකස් කිරීම මෙම මෙහෙයුමේ මුලික අරමුණ වනවා.

ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් හි පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් පස්වරු 18.24ට මෙම යානය ගුවන් ගත කිරීම ආරම්භ වුණා.

දින 10ක මෙහෙයුමක් වන මෙය මෑත ඉතිහාසයේ සඳ ආශ්‍රිතව සිදු කෙරෙන තීරණාත්මක මිනිස් මෙහෙයුම ලෙස සැලකෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *