Loading...

ඉරානය සාකච්ඡාවලට එන්නේ නැත්නම් වෙන දේ ගැන ට්‍රම්ප් හෙළි කරයි

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක යුද මෙහෙයුම්වල සම්පුර්ණ වීමට ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින්.

ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවද ට්‍රම්ප් මෙහිදී පවසා තිබෙනවා.

ට්‍රම්ප් පෙන්වා දෙන්නේ එළැඹෙන සති 2 – 3 තුළ ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවයි.

මෙම දැවැන්ත ප්‍රහාරයෙන් ඉරානය නැවත ශිලා යුගය දක්වා ආපස්සට ඇද දමන බවත් අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් දැනටමත් සාර්ථක වී ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

එම කාර්යය නිමා කිරීමට ඉතා සුළු කාලයක් යන බවද ට්‍රම්ප් සඳහන් කරනවා.

හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් අතරවාරයේ දී අමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම විශේෂත්වයකි.

ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *