Loading...

විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

රජයේ ඉඩමක් අධි ආදායම්ලාභී පුද්ගලයෙකුට වගා පන්තිය යටතේ ලබාදීමට ව්‍යාජ ආදායම් සහතිකයක් නිකුත් කිරීමෙන් රජයට රුපියල් 10,625,000ක පාඩුවක් සිදු කළ බවට චෝදනා මත විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු 2026 මාර්තු 30 වැනිදා පෙරවරු 11.05ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුව ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *