නීතිවිරෝධී ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ අද (31) පෙරවරු 8 සිට මෙම වැඩ වර්ජනය දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය යන ආයතනන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බවද ඔහු සඳහන් කළා.
“මං හිතන්නේ වෛද්‍යවරු විදියට වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න බැහැ. ඒ නිසා ඉතිහාසය පුරාම එවැනි දේවල් ලොකුවට වෙලත් නෑ. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිය මං හිතන්නේ එහෙම දේවල් කරන්න හැකියාවකුත් නෑ. පසුගිය දවස්වල කිව්ව දේවල් ලොකුවට මුකුත් වුණෙත් නෑ. නමුත් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඇහුන්කම් දෙන්න අපි සුදානම්”.








Leave a Reply