ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වනවා.
ඊයේ (29) රාත්රී 11.45ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී අදාළ මන්ත්රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බව සඳහන්.
ඊයේ රාත්රී 11.45ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ අදාළ මන්ත්රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බව තොරතුරු වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








Leave a Reply