Loading...

රුසියාව තෙල් අපනයනය අත්හිටුවයි

අමෙරිකාව ඊශ්‍රායල ඉරාන යුද්ධය හේතුවෙන් ඇතිව තිබෙන බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා අනිද්දා සිට පෙට්‍රල් අපනයන තහනම් කිරීමේ රුසියාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

පිරිපහදුව ඉන්ධනවල ස්ථිර සැපයුමක් සහතික කිරීම සඳහා රුසියාව මෙම තීරණය ගෙන ඇති අතර බොරතෙල් සැකසුම් පිරිමාව පසුගිය වසරේ මට්ටමේ පැවතුණා.

ඉහළ යන ඉන්ධන මිල පාලනය කර ගැනීමට සහ ඉන්ධන හිඟයක් ඇති වීම වැළැක්වීමට රුසියාව නැවත නැවතත් පෙට්‍රල් සහ ඩීසල් අපනයනය සඳහා සීමා පනවා ඇති බව වාර්තා වනවා.

රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් පවසන්නේ ඉරානය යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් වෙළෙඳපොලේ සහ තෙල් නිෂ්පාදන වෙළෙඳපොලේ ඇතිව තිබෙන අර්බුදය හේතුවෙන් බොරතෙල්, පිරිපහදු ඉන්ධනවල මිල නිරන්තරයෙන් ඉහළ පහළ යාමට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් පෙට්‍රල් අපනයනය තහනම් කිරීම සඳහා යෝජනාවක් සකස් කිරීමට බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දුන් බවද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *