Loading...

ඉරානයට ගොඩබිම් ප්‍රහාරයකට පෙන්ටගනයේ සුදානමක්?

ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානමින් පවතින බව වාර්තා වනවා.

වොෂින්ටන් පොස්ට් සඳහන් කළේ එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බවයි.

දැනටමත් ඒ සඳහා යුද සැලසුම් අමෙරිකානු ආරක්ෂක මුලස්ථානය විසින් සකස් කර අවසන් බවද එම පුවත්පත් වාර්තාවේ පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධව මේ වන තෙක් ස්ථිර ප්‍රකාශ කර නොමැති බව එම වාර්තාවේ සඳහන් කරනවා.

විදෙස් මාධ්‍යවල මීට පෙර වාර්තා වුණේ මැරීන් භටයින් 10000ක් පමණ මැදපෙරදිග කලාපය බලා ගොස් ඇති බවයි.

ඊට අමතරව 82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් යුද මෙහෙයුම සඳහන් සූදානම්ව බවද එම මාධ්‍යවල සඳහන් වුණා.


මැදපෙරදිග අමෙරිකානු විශ්ව විද්‍යාලවලින් හැකි ඉක්මණින් ඉවත් වෙන්න – IRGC වෙතින් අනතුරු ඇඟවීම්

මැදපෙරදිග ඇති ඊශ්‍රායල අමෙරිකා විශ්ව විද්‍යාල ඉලක්ක කරන බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටෙහෙරානයේ පිහිටා ඇති විද්‍යා සහ තාක්ෂණික විශ්ව විද්‍යාලයට ප්‍රහාරයක් එල්ල වීම සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.

මේ අනුව කලාපයේ ඇති සියලුම විශ්ව විද්‍යාල නිත්‍යානුකූල ඉලක්ක ලෙස සලකන බවද ඔවුන් සඳහන් කරනවා.

කලාපයේ ඇති අමෙරිකානු විශ්ව විද්‍යාලවල සියලු කාර්යය මණ්ඩල සාමාජිකයන්, සිසුන් සහ ඒ අවට පදිංචිකරුවන්ට එම ස්ථානවලින් ඉවත්ව සිටින ලෙස ඉරානය ආරක්ෂක බලකාය දන්වා ඇති බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *