Loading...

හැටන් පාසල සිසුවෙකුට පහරදුන් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට

හැටන් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක පන්ති කාමරයක් තුළදී සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලීසිය පැවසුවේ මෙම සිසුන් සැකපිට ඊයේ (28) දින අත්අඩංගුවට ගත් බවයි.

මීට සති කිහිපයකට පෙර එම පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබුණා.

එම ගැටුමට පාසලේ ආදි සිසුවෙකු ද සම්බන්ධ වී ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වුණා.

එම සිද්ධිය පාසලේ දී සමථකයට පත්වීමෙන් පසුව අදාළ පහරදීමේ සිද්ධියේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර පසුව පහර කෑමට ලක්වූ බව කියන සිසුවාගේ මව විසින් ඊයේ (28) හැටන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

මේ අනුව විමර්ශන ආරම්භ කළ පහරදුන් බවට පැවසෙන සිසුන් දෙනෙක් සහ ආදී සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා.

පහර කෑමට ලක්වූ සිසුවා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් පාසල් සිසුන් දෙදෙනා සහ ආදී සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *