Loading...

ඉන්ධන තොග රහසිගත තබාගෙන සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

ඉන්ධන තොගයක් නිවසේ ඉතා රහසිගතව සඟවා ගෙන සිටි කාන්තාවක් කුඩාඔය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සමඟි පුර ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එම කාන්තාවගේ නිවසේ ඉන්ධන තොග රැස්කර සඟවා ඇති බවට ඌව කුඩාඔය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම ඉන්ධන තොගය සොයාගෙන ඇති බව වාර්තා වනවා.

මෙහිදී පෙට්‍රල් ලීටර් 95ක් සහ ඩීසල් ලීටර් 78ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය සැකපළ කරන්නේ වැඩි මිලට විකිණීමේ අරමුණෙන් යුතුව මෙම කාන්තාව අදාළ ඉන්ධන තොග රැස්කර සඟවා තබන්නට ඇති බවයි.

අත්අඩංගුවට ගත් කාන්තාව අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාවය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *