Loading...

සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

සෞදි අරාබියේ අල් කර්ජ්හි පිහිටි ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් අමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.

පසුගිය පෙබරවාරි 28 වනදා සිට ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළදී අමෙරිකානු සෙබළුන් 300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන්ගෙන් 273 දෙනෙක් නැවත රාජකාරි අරඹා ඇති අතර තව සෙබළුන් 13 දෙනෙකුට දිවි අහිමිව ඇති බව වාර්තා වනවා.

මේ අතර මාසයකට පුරා පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය මෙම සතියේ වොෂින්ටනය සමඟ සාකච්ඡා පවත්වනු ඇති බව තමන් විශ්වාස කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා තිබෙනවා.


ඉරානයේ තවත් ඉලක්ක 3554ක් තියෙනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානයට පහර දීම සඳහා අමෙරිකාව සතුව තවත් ඉලක්ක 3554ක් ඉතිරිව ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ එය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බවයි.

ඉරානය කාලයකට පෙර බලවත් රටක් වුවද වර්තමානයේ තවදුරටත් බලවත් නොවන බවත් ට්‍රම්ප් මෙහිදී සඳහන් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඔවුන් මීට පෙර කිසිදා මෙවැනි දෙයක් දැක නොමැති බවයි.


ඇමරිකානු සහ ඊශ්‍රායල හිතවාදී කර්මාන්තශාලාවලින් ඉක්මණින් ඉවත් වෙන්න – IRGC අනතුරු ඇඟවීම්

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වන කලාපීය කර්මාන්තශාලාව සේවය කරන සේවකයන්ට සහ ඒ අවට පදිංචිකරුවන්ට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයේ බැර ජලය මධ්‍යස්ථානයක් යෙලොකේක් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව අමෙරිකානු කොටස්කරුවන් සහිත සමාගම් මෙන්ම ඊශ්‍රායලයට සහාය දක්වන කලාපයේ පිහිටි බැර කර්මාන්තශාලා ඉලක්ක කර තම සටන්කාමීන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට IRGC අනතුරු අඟවා තිබෙනවා.

එම කර්මාන්තශාලාවල ස්‌වය කරන සේවකයන් වහාම තම සේවා ස්ථානවලින් ඉවත් විය යුතු බවද එම නිවේදනයේ සඳහන් වනවා.

තවද ප්‍රහාර එල්ල වීමට නියමිත ඉලක්ක ගත ස්ථානවල සිට කිලෝමීටරයක (1Km) අරයක් ඇතුළත පදිංචි සිවිල් වැසියන්ට ද ප්‍රහාර අවසන් වන තුරු ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *