Loading...

IRGC විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමයි

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බැවින් එම මාර්ගය හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට දැඩි පියවර ගැනීමට සිදුවන බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ අද (27) උදෑසන ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ යාත්‍රා තුනක් ආපසු හරවා යවා ඇති බවයි.

බහාලුම් නැව් තුනක් අවසර ලත් යාත්‍රා සඳහා නම් කරන ලද කොරිඩෝව දෙසට යාමට උත්සාහ කර තිබෙනවා.

නාවික හමුදාවේ අනතුරු ඇඟවීමකින් පසු ඒවා ආපසු හරවා යැවීමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ අනුව හෝමූස් සන්ධිය වසා දමා ඇති අතර ඒ හරහා සිදුවන ඕනෑම ගමනාගමනයකට ස්ථිර ප්‍රතිචාර දක්වන බවද ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *