Loading...

කෙහෙළිය ඇතුළු පිරිසක් මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බැහැරව ලියාපදිංචි නොකළ සමාගමකින් සෞඛ්‍ය සැපයුම් මිලදී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ Transparency International Sri Lanka ආයතනය ඇතුළු පාර්ශ්ව දෙකක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුවයි.

මේ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් මිලියන 75ක මුදලක් රජයට ගෙවිය යුතු බව මෙම නඩු තීන්දුව මඟින් සඳහන් කර තිබෙනවා.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා විසින් රුපියල් මිලියන 50ක මුදලක් ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය එස්. ඩී ජයරත්න මහතා විසින් රුපියල් 50ක මුදලක් ද රජයට ගෙවිය යුතු බව එම නියෝගයේ සඳහන් වනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන විසින් තවත් රුපියල් මිලියන 50 බැඟින් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු බව නියෝග කර තිබෙනවා.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම පෙත්සම විභාග කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *