Loading...

ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම තවත් දින 10කින් කල් දමනවා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් මස 6 වනදා දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ ඉරානයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවයි.

තවද දෙපාර්ශවය අතර සාකච්ඡා ඉතා හොඳින් සිදුවන බවද ඔහු එම සටහනේ පෙන්වා දී තිබෙනවා.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කරනු ලැබුවා.

මෙවැනි පසුබිමක එම කාලසීමාව ඔහු දෙවරක් මෙලෙස දීර්ඝ කර තිබීම විශේෂත්වයක්.

මේ අතර සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඉරානය විසින් තෙල් නැව් 10කට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබාදී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ධවල මන්දිරයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු මෙය හඳුන්වා දී ඇත්තේ ඉරානයෙන් තමන් ලැබුණු විශාල තෑග්ගක් ලෙසයි.

තමන් අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා විශාල තෙල් නැව් 8කට අවසර ලබාදෙන බව ඉරානය පළමුව ප්‍රකාශ කළද අවසානයේ දී නැව් 10කට එලෙස අවසර ලැබී ඇති බවද ට්‍රම්ප් සඳහන් කරනවා.

මෙම තෙල් නැව් පාකිස්ථානු ධජය යටතේ යාත්‍රා කළ නැව් විය හැකි බවට ජනාධිපතිවරයා සැක පළ කළද ඒ සම්බන්ධව වැඩිදුර විස්තර ධවල මන්දිරය විසින් මෙතෙක් නිකුත් කර නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *