ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට සංචාරක නිරත දූත පිරිස අද (26) එකඟතාව පළකර තිබෙනවා.
ඔවුන් මෙම එකඟතාව පළකර ඇත්තේ අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍ය අනිල් ජයන්ත සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතාව සපයා ගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමු වීමට රජය තීරණය කළ අතර මේ අනුව ඛනිජ තෙල් සැපයුම පිලිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා එම දූත පිරිස අද (26) පෙරවරුවේ මෙරටට පැමිණියා.
මේ අතර මෙරටට නිල සංචාරයක් සඳහා පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මර්ෂවින් සහ කම්කරු අමාත්‍ය සහ කම්කරු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අතර හමුවක් අද (26) පවත්වා තිබෙනවා.
මෙහිදී දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්වී පාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආයෝජන අවස්ථා විමසා බැලීම සහ තාක්ෂණික සහාය වර්ධන කිරීම සම්බන්ධව සාකච්ඡා කර ඇති බව සඳහන්.
තවද බලශක්ති අර්බුද විසඳා ගැනීම පිණිස කෙටි කාලීන විසඳුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙකක් අතර බලශක්ති සබඳතා තර කර ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍රල්, ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීම ඇති හැකියාව සෙසු අවශ්‍යතාවයන් පිළිබඳව රටවල් දෙක අතර දිගු කාලීන බලශක්ති සබඳතා තර කර ගැනීම සම්බන්ධව මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇති බව සඳහන්.








Leave a Reply