ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ බව නිල වශයෙන් දැනුම් දී ඇති බව සඳහන්.
මුම්බායි හි පිහිටි ඉරාන කොන්සල් ජනරාල් කර්යාලය නිකුත් කරමින් පවසන්නේ ඉන්දියාවට අමතරව රුසියාව, චීනය, ඉරාකය සහ පකිස්ථානය වැනි මිත්‍ර රටවල නෞකා සඳහා ද අවසරය හිමිව තිබෙනවා.
ඉරානය මෙම තීරණය ගෙන ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ගෝලීය වශයෙන් තෙල්, ගෑස් සහ පොහොර ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වීම සමඟ එය වහාම විවෘත කළ බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කළ ඉල්ලීමකින් පසුවයි.
බටහිර ආසියාවේ පවතින යුද්ධය වහාම අවසන් කිරීම මේවා ආර්ථික බලපෑම් අවහිර කර ගැනීමට ඇති හොඳම මඟ බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
මේ අතර ඊයේ (25) නිව්යෝර්ක් හි පිහිටි ඉරානය දූත මණ්ඩලය පැවසුවේ සතුරු නොවන ඕනෑම නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කළ හැකි බවයි.
නමුත් එම නෞකා ඉරානයට එරෙහිව ආක්‍රමණවලට සම්බන්ධ නොවිය යුතු බවත් ඉරානය පනවා ඇති ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ බවත් එරට ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානය නාවික හමුදාපති මරුට
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා තංසීරි මියගොස් ඇති බව බව වාර්තා වනවා.
ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ බන්ඩර් අබ්බාස් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාව ඔහු විසින් කරන ලද්දක් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා චෝදනා කර ඇති බවද එම වාර්තාවල දැක්වෙනවා.
ඉරානයේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරින් රැසක් ද අදාළ ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉරානය මේ දක්වා නිල වශයෙන් තහවුරු කර නැහැ.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස 2018 වසරේ පත් කෙරුණු අතර 2010 වසරේ සිට ඔහු නියෝජ්‍ය නාවික හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළා.








Leave a Reply