Loading...

අගමැතිනියගේ ගුරු හමුවට නොපැමිණි අයගෙන් හේතු විමසීම ගුරු සංගමයෙන් විරෝධය

තංගල්ලේ පැවැති ගුරු හමුවකට සහභාගී නොවීම සම්බන්ධව කරුණු පැහැදිළි කරන ලෙස දන්වමින් තංගල්ල කලාප කාර්යාලය සිදුකළ ඉල්ලීම දැඩි ලෙස හෙළා දකින බව හම්බන්තොට ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ දිස්ත්‍රික් ලේකම් සුරංග චින්තක මහතා සඳහන් කළේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියට එලෙස කටයුතු කිරීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි.

“ඉරිදා දිනයේ දී ගුරුවරු කැඳවීම කෙසේවත් සිදුකළ නොහැකි දෙයක්. ඒ නිසා අපි මේ ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා. අපි තවදුරටත් මේ ගැන ගුරුවරු දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙනවා. මේ ආණ්ඩුව පත්වෙන්නේ ගුරුවරු පාරේ ඉඳලා, කෑ ගහලා කළු කොඩි අරන් ඇවිත් පැවති පාලනය බිඳ දමලා නව යුගයක් කරා ගෙනයෑමට ගුරුවරු තමා පෙරටුගාමීන් වුණේ. හැබැයි අද වෙද්දි පළමු ෂොට් එක ගුරුවරුන්ට වැදෙමින් පවතිනවා.”

පසුගිය 15 වනදා ඉරිදා තංගල්ල ප්‍රදේශයේ දී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකට ගුරුභවතුන් සහභාගී නොවීමට හේතු දන්වන ලෙස තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *