අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමයට කැමැත්ත පළකරන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඉරානයට දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ධවල මන්දිරයට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කරන්නේ මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිඳා නොවූ විරූ ලෙස ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.
අමෙරිකානු සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධව මාධ්‍ය වෙත ඊයේ (25) අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළකළා.
ඉරානය ඉල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (25) දින සටන් විරාම කොන්දේසි ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (25) පැවසුවේ අදාළ සටන් විරාමය සඳහා කොන්දේසි 15ක් අමෙරිකාව විසින් ඉරානයට ඉදිරිපත් කර ඇති බවත් එම කොන්දේසිවලට කැමැත්ත පළ කරනවා නම් සටන් විරාමයකට සුදානම් බවයි.
අමෙරිකාව විසින් යෝජනා කළ සටන් විරාමය සම්බන්ධයෙන් ඉරානය ඊයේ (25) දිනයේම ක්ෂණික ප්‍රතිචාර දක්වනු ලැබුවා.
එහිදී ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් පවසන්නේ අමෙරිකාව සමඟ කිසිඳු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවයි.
අමෙරිකාව විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමු කළ ද ඉරානයට ස්ථිර අවසානයක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ සඳහා ඉරානයට සිදුවූ විනාශය සම්බන්ධයෙන් වන්දි ලබාදීම ඇතුළු ඉල්ලීම් 5ක් යොමු කිරීමට ද ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම මැදපෙරදිග ඉරාන යුද්ධයක් හෝ අමෙරිකානු යුද්ධයක් නොවන බවත් ඊශ්‍රායලයේ අවශ්‍යතාවයට අමෙරිකාව කටයුතු කරමින් සිටින බවත්ය.
අමෙරිකාව සිතු පරිදි ඉරානය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ අසල්වැසි රටවල් ආරක්ෂා කිරීම සම්බන්ධව අමෙරිකානු උත්සාහය අසාර්ථක වී ඇති බවයි.








Leave a Reply