යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව විසින් ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඉරානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉරාන ජ්‍යෙෂ්ඨ දේශපාලන ආරක්ෂක නිලධාරියෙක් අද (25) එරට රාජ්‍ය රුපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බවයි.
යුද්ධය අවසන් වන වේලාව නියම කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට ඉරානය ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙහිදී ඉරානය විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි වන්නේ,
සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම.
ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකය.
යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය.
කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම.
ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරියත් ඉරානයේ ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කිරීම.
හෝමූස් හරහා යාත්‍රා කිරීමට ගිය පාකිස්ථාන නෞකාවක් ඉරාන හමුදාව හරවා යවයි
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්ථානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරානය හමුදාව විසින් ආපසු හරවා යවා තිබෙනවා.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිය සිය ජල තීරය හරහා ගමන් කිරීමට උත්සාහ දැරීම සමඟයි.
සෙලන් ලෙසින් හැඳින්වෙන අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා සිට කරච්චි දෙසට යාත්‍රා කරමින් සිට තිබෙනවා.
තම නීතිවලට අනුකූල නොවීම සහ හෝමූස් සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැතිකම හේතුවෙන් අදාළ නෞකාව ආපසු හරවා යැවූ බව X ගිණුමේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි සඳහන් කර ඇත.
“මෙම ජල මාර්ගය හරහා ඕනෑම යාත්‍රාවකට ගමන් කිරීමට නම් ඉරානයේ සමුද්‍රීය අධිකාරිය සමග පූර්ණ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. ඉරාන ප්‍රදානීන්ගේ අවසරයක් නොමැති කිසිදු යාත්‍රාවකට හෝමූස් පසුකර යා නොහැකිය.
සතුරු නොවන’ යාත්‍රාවලට ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කර (ඇතැම් අවස්ථාවල ඒ සඳහා ගෙවීමෙන්) සිය ජල තීරණය භාවිතාකළ හැකියි.
නමුත් සතුරන් සමග සබඳතා පවත්වන යාත්‍රාවලට ජල තීරය තරණය කිරීම තහනම්”








Leave a Reply