පැරෂුට් ආධාරයෙන් ගොඩබැසීමේ විශේෂ හැකියාවක් ඇති අමෙරිකානු හමුදාවේ 82 වැනි ගුවන් මඟී බලකායේ සාමාජිකයින් 1000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යැවීමට අමෙරිකානු බලධාරීන් සුදානම් බවට තොරතුරු වාර්තා වනවා.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එවැනි හමුදා භටයින් 3000ක් පමණ මැදපෙරදිගට යෑමට නියමිත බවයි.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ෆෝට් බ්රැග් කඳවුරේ ස්ථානගත කර සිටින අමෙරිකාවේ 82 වැනි බලකායට ලෝකයේ ඕනෑම ස්ථානයකට පැය 18ක් තුළ පැරෂුට් ආධාරයෙන් ගොඩබැසිය හැකි බව සඳහන් වනවා.
මීට පෙර වාර්තා වුණේ මේ සතිය අගදී තවත් මැරීන් සෙබළුන් 2500ක් සහ නාවිකයන් රැගත් නෞකා ද මැදපෙරදිග පැමිණීමට නියමිත බවයි.
අමෙරිකාව ඉරානය ඉලක්ක කර ගනිමින් කිසියම් ගොඩබිම් මෙහෙයුමක් වෙනුවෙන් හමුදා බලඇණි සුදානම් කරමින් සිටින බව පෙනී සිටින බවට තොරතුරු වාර්තා වන බව ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයින් පවසනවා.
ඉරානයේ බොරතෙල් තොගවලින් 90%ක් පමණ නැව්ගත කෙරෙන කාර්ග් දූපත් අල්ලා ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වන තොරතුරු වාර්තා වුවද, අමෙරිකානු බලධාරීන් ඉරානයේ සිදුවිය හැකි ගොඩබිම් ආක්‍රමණයක් පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නැහැ.








Leave a Reply