Loading...

යුද්ධය අවසන් කරන්න අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්

ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අඛණ්ඩව ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටින බවත් දකුණු ලෙබනනයේ පදිංචිකරුවන්ට ඊශ්‍රායල හමුදාව ඉවත් වන ලෙස අනතුරු අඟවා ඇති බවයි.

අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධව ඉරානයට කරුණු 15ක් සැලැස්මක් භාර දී ඇති බවද ට්‍රම්ප් පවසා තිබෙනවා.

විදෙස් වාර්තා කරන්නේ අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවක් සහ හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුලත් වන බවයි.

කෙසේ වෙතත් එවැනි ලියවිල්ලක් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

යුද්ධය ආරම්භ වූ දා සිට ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ස්ථාන 82000කට හානි සිදුව ඇති බව අමෙරිකානු සහ ඊශ්‍රායල මුලාශ්‍ර සඳහන් කරනවා.


ඉරාන බුෂේහර් න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

ඉරානයේ බුෂේහර් න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙම තොරතුරු වාර්තා කරනවා.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් කිසිඳු හානියක් සිදුව නොමැති බවද ඉරානය විසින් එම ඒජන්සිය දැනුවත් කර තිබෙනවා.


කටාර් රාජ්‍යය LNG සැපයුම ගැන නිවේදනයක් නිකුත් කරයි

මැදපෙරදිග ප්‍රධාන ද්‍රවීකෘත ස්වාභාවික වායු නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් බලාගාරයට වෙත එල්ල වූ මසයිල් ප්‍රහාරවලට පසුව කටාර් බලශක්තිය විසින් Force Majeure තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තත්ත්වය සමඟ ඉතාලිය, බෙල්ජියම, දකුණු කොරියාව සහ චීනය වෙත සිදුකරන LNG සැපයුම් තාවකාලිකව නතර කර ඇති බව සඳහන්.

පසුගිය 18 වනදා සිදු වූ මෙම ප්‍රහාරවලින් LNG නිෂ්පාදන ඒකක දෙකක් සහ ගෑස් ටු ලික්විඩ්ස් ඒකකයක් දැඩි ලෙස හානි වී ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීමෙන් පසු කටාර් බලශක්ති සම්පුර්ණ හානිය තක්සේරු කිරීම සහ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය කාලසීමාව පිළිබඳව තවදුරටත් විමර්ශන කරමින් සිටින බව සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *