Loading...

ටෙක්සාස් ප්‍රාන්තයේ තෙල් පිරිපහදු බලාගාරයක පිපිරීමක්

ටෙක්සාස් ප්‍රාන්තයේ Port Arthur හි පිහිටි තෙල් පිරිපහදුව බලාගාරයක පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට. වහාම නිවෙස් තුළට වී ආරක්ෂිතව සිටින ලෙස ප්‍රාන්තයේ බලධාරීන් දැනුම් දී ඇති බවයි.

මෙම ප්‍රබල පිපිරීමත් සමඟ අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති බවත් පිපිරීමේ හඬින් අවට නිවාස පවා සෙලවී ඇති බවත් සඳහන් වනවා.

කෙසේ වෙතත් මෙම පිපිරීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නැහැ.

නමුත් වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දීමක් කර තිබෙනවා.

ඊට අමතරව නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට නිවෙස්වල දොර ජනෙල් වසාගෙන ඇතුළට වී සිටින ලෙස උපදෙස් ලබාදී ඇති අතර වාහන ගමනාගමනය ද සීමා කර ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *