අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ ඵලදායී සාකච්ඡා පවත්වන බවට සිදුකළ ප්‍රකාශයන් ඉරාන විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඉරාන රජයට හිතැති මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ හුදෙක් ලෝක වෙළෙඳපොලේ ඉහළ යන බලශක්ති මිල ගණන් පහත දැමීමට සහ අමෙරිකානු හමුදා සැලසුම් සඳහා කාලය ලබා ගැනීමට ගන්නා උත්සාහයක් බවයි.
කලාපීය නොසන්සුන්තාව අවම කිරීම සඳහා ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් පවතින බවද ඉරාන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් මෙහර් පුවත් සේවය වාර්තා කරනවා.
ඉරාන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ “මෙම යුද්ධය ආරම්භ කළ පාර්ශවය අප නොවේ. එබැවින් මෙම සියලු ඉල්ලීම් සහ යෝජනා යොමු කළ යුත්තේ වොෂින්ටනය වෙතයි,”.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සමඟ හවුලේ යන්න ඉරානය කැමතියි – අමෙරිකානු ජනාධිපති
හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සමඟ හවුලේ පවත්වාගෙන යාමට අමෙරිකාව සුදානම් විය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනට පවතින යුදමය වාතාවරණය තුළ ඉරාන රජයේ නිලධාරීන් රැසක් ඉවත්ව ඇති බවත් එරට පාලන තන්ත්රයේ වෙනසක් දැනමත් සිදුවෙමින් පවතින බවත්ය.
එහිදී ඔහු පවසා ඇත්තේ “සමහර විට මම, නැත්නම් මම සහ අයතුල්ලා – ඒ කියන්නේ මීළඟට පත්වන අයතුල්ලා කවුරු වුණත් – අපි එක්ව එය පාලනය කරාවි. එතැන ඉතා බරපතළ මට්ටමේ පාලන තන්ත්රයක වෙනසක් සිදුවනු ඇති බව සහතිකයි”.
පසුගිය ඉරිදා දින ඉරාන පෙළේ නායකත්වය සමඟ සකච්ඡා පැවැත්වූ බවත් එහිදී දෙපාර්ශවයේම වැදගත් කරුණු කිහිපයකදී එකඟතාවයකට පැමිණි බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක මොප්ටබා කමේනිගේ තමන්ට මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.








Leave a Reply