Loading...

ඉරාන තෙල් සඳහා පැනවූ සම්බාධක දින 30කට ඉවත් කෙරේ

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක දින 30ක කාලයකට ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව ඇනවුම් සඳහා නොව දැනට නැව්ගත කර ඇති සඳහා පමණක් මෙය බලපැවැත්වෙන බවයි.

දින 30ක කාලයක් සඳහා පමණක් මෙම සම්බාධක ඉවත් වනු ඇති.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අරඹා ඇති යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොලට එල්ල වන බලපෑම සැලකිල්ලට ගෙන ඉරානයේ තෙල් සඳහා පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට අමෙරිකාව සලකා බලමින් සිටින බවද විදෙස් මාධ්‍ය ඊයේ (20) වාර්තා කළා.

මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ඉරානයට එරෙහිව අමෙරිකානු දිගු කාලීන ප්‍රතිපත්තියේ පුදුම දනවන වෙනසක් සනිටුහන් කරනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඉන් ඉරානයට අවිනිශ්චිත ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

ඉරානයට පනවා තිබූ මෙම සම්බාධක හේතුවෙන් චීනය සුවිශාල වට්ටම්වලට ඉරාන තෙල් ලබාගෙන තිබුණා.

මේ අනුව ඉරාන තෙල් සඳහා පනවන ලද විකුණුම් සීමා ඉවත් කිරීම සමඟ දින 10ත් 14ත් අතර කාලයකදී ලෝක බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් පහත වැටෙනු ඇති බව අමෙරිකාව ඇස්තමේන්තු කර ඇති බව සඳහන්.

මේ අතර අමෙරිකාව පසුගියදා රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්බාධක කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කළා.


හෝමූස් සමුද්‍ර සන්ධිය රැකගන්න ප්‍රධාන රටවල්වලින් ඒකාබද්ධ නිවේදනයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකාවලට ආරක්ෂිතව යාත්‍රා කළ හැකි බව සහතික කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහාය ලබා දෙන බව ජපානය, කැනඩාව සහ යුරෝපයේ ප්‍රධාන රටවල් කීපයක් පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ බලශක්ති වෙළඳපොල ස්ථාවර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද එම රටවල් ඉදිරිපත් වන බවයි.

ජපානය, කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඉතාලිය මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරනු ලැබුවා.

අදාළ නිවේදනයේ පෙන්වා දෙන්නේ ගල්ෆ් කලාපයේ නිරායුද වෙළඳ නෞකාවලට, ගෑස් සහ ඉන්ධන ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට ඉරානය එල්ල කරන ප්‍රහාර දැඩිව දකින බවත් වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බවත්ය.

ඉරානය එල්ල කරන තර්ජන, මුහුදේ බෝම්බ ඇටවීම, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළුව හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට ඉරානය ගන්නා සියලුම ක්‍රියාමාර්ග වහාම නතර කළ යුතු බවද එහි දැක්වෙනවා.

ජාත්‍යන්තර මුහුදේ නිදහසේ යාත්‍රා කිරීමට හැකිවීම ජාත්‍යන්තර නීතියේ ප්‍රධාන මුලධර්මයක් හැකි බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.

ඉරානයේ ක්‍රියාවන් මුළු ලෝකයටම බලපෑමක් එල්ල කර ඇති අතර විශේෂයෙන් දැඩි අවධානම් රටවලට එය බලපා ඇති බවත් ගෝලීය බලශක්ති සැපයීමට සහ ජාත්‍යන්තර නැව් මාර්ගවලට බාධා කිරීම ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවත් එම ඒකාබද්ධ නිවේදනයේ පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *