Loading...

ඉරානයේ නව උත්තරීතර නායකයා ගැන ආ අලුත්ම ආරංචිය

ඉරානය සමඟ ගිවිසුමක් ඇති කරගන්න සුදානම් නෑ – අමෙරිකානු ජනාධිපති

ඉරානය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සුදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එරට මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන නිසා තමන් දැන් එය සිදුකිරීමට අකමැති බවයි.

කෙසේ නමුත් එම කොන්දේසි මොනවාද යන්න ට්‍රම්ප් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ ඕනෑම න්‍යෂ්ටික අභිලාෂයක් අත්හැරීමට ඉරාන කැපවීමක් ගිවිසුමක කොටසක් වනු ඇති බවයි.

තවද හෝමූස් සමුද්‍ර සන්ධිය සුරක්ෂිත කිරීමට උදව් කිරීමට රටවල් කිහිපයක් කැපවී සිටියද එම රටවල් මොනවාද යන්න නම් කිරීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉරාන තෙල් අපනයනය සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයක් වන කාර්ග් දුපත එක්සත් ජනපදය සම්පුර්ණයෙන්ම විනාශ කර ඇති බවද ඔහු පවසනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ විනෝදය සඳහා එක්සත් ජනපදයට තවත් කිහිප වතාවක් එයට පහර දිය හැකි බවයි.


ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසර කරන්න ඉල්ලූ අමෙරිකානු හමුදාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

අමෙරිකානු හමුදා භට නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසර කිරීමට කර තිබූ ඉල්ලීම එරට විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ස්විට්සර්ලන්තයේ මධ්‍යස්ථභාවය පිළිබඳව නීති උපුටා දක්වමින් එරට විසින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත් ගුවන් යානා දෙකක් සඳහා ස්විට්සර්ලන්ත ගුවන් සීමාව විවෘත නොකර ඇති බව සඳහන්.

ඊට අමතරව තවත් යානා 3ක් සඳහා ගුවන් කලාපය විවෘත කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.



ඉස්ෆහන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙක් මරුට

ඉරානයේ ඉස්ෆ්හන් නගරයට එල්ල වූ ප්‍රහාරයකින් කර්මාන්තශාලා සේවකයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ශීතකරණ සහ තාපක නිෂ්පාදනය කරන සිවිල් කර්මාන්ත ශාලාවකට මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.


ඉන්දියාවේ LPG නෞකා දෙකක් ආරක්ෂිතව හෝමූස් සමුද්‍ර සන්ධිය පසුකර යයි

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පනවා ඇති අවහිරතාවය මධ්‍යයේ ඉන්දියාව බලා ගමන් කරන ඉන්දීය ධජය සහිත ද්‍රව පෙට්‍රෝලියම් වායු ප්‍රවාහන නෞකා දෙකකට එම මාර්ගය හරහා ආරක්ෂිතව ගමන් කිරිමට අවසර ලැබී තිබෙනවා.

ඉන්දීය වරාය, නාවික සහ ජල මාර්ග අමාත්‍යාංශය පවසන්නේ අදාළ නෞකා දෙක අද (14) උදෑසන හෝමූස් සමුද්‍ර සන්ධිය සාර්ථකව පසුකර ඇති බවයි.

මේ වන විට එම නෞකා ඉන්දියාව බලා ගමන් කරමින් පවතින බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

පසුගිය පෙබරවාරි මස අඟ සිට අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසුව ගෝලීය තෙල් සැපයුමෙන් පහෙන් එකක් ගමන් ගන්නා සුවිශේෂී සමුද්‍ර මාර්ගයේ ගමනාගමනය ඉරානය විසින් බොහෝ දුරට අත්හිටුවනු ලැබුවා.

දෙරට අතර පවතින දිගු කාලීන සබඳතා සැලකිල්ලට ගෙන ඉන්දීය නෞකා කිහිපයකට මෙලෙස ගමන් කිරීමට අවසර ලබාදුන් බවද න්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි නවදිල්ලියේදී පැවති වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළා.


ඉරාන නව උත්තරීතර නායකයා ගැන ආ අලුත්ම ආරංචිය

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි කටාරයේ අල් අරාබි අල් ජදීඩ් ප්‍රවෘත්ති සේවය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසා තිබෙනවා.

“ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්. ඔහු ඉරානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා”.


බටහිර ඉරාන ප්‍රදේශයට ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාර මාලාවක්

බටහිර ඉරානයේ පිහිටි ඉලක්ක වෙත පුළුල් පරාසයක විහිදුණු ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා.

අල්ජාසීරා පුවත් සේවයේ වාර්තාවක පෙන්වා දෙන්නේ ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිල ප්‍රකාශයකට අනුව මෙම මෙහෙයුම බටහිර ඉරානයේ පිහිටි ඉරාන භීෂණ පාලන තන්ත්‍රයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *