අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) පස්වරුවේ නියෝග කළා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ගත් බවට වූ චෝදනා යටතේයි.
එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර් බස් යානා මිලදී ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට වූ චෝදනාවකටයි.
පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
පසුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කළා.








Leave a Reply