Loading...

ලංකාවට ආසන්නයේ දී විනාශ කළ ඉරාන නැව ගැන ට්‍රම්ප් පළමුවරට කතා කරයි

ශ්‍රී ලංකා වෙරළට ආසන්න වූ ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට ගත් තීරණ සම්බන්ධ තමන් ප්‍රශ්න කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

කෙන්ටකි ප්‍රාන්තයේ පැවැති රැලියකදී අදහස් දක්වමින් ට්‍රම්ප් පවසන්නේ අදාළ නෞකාව අත්පත් කර ගන්නවා වෙනුවට එය විනාශ කළේ මන්දැයි තමන් හමුදා නිලධාරීන්ගෙන් විමසූ බවයි.

“මම ඇහුවා ඇයි අපි ඔවුන්ව ඝාතනය කළේ කියලා. ඇයි අපිට බැරි වුණේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න?” යනුවෙන් ඔහු මෙහිදී ට්‍රම්ප් පවසා ඇති බව වාර්තා වනවා.

මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නෞකාව අත්පත් කර ගැනීමට වඩා එය ගිල්වා දැමීම යෝග්‍ය බව තම ජෙනරාල්වරයෙකු තමන්ට පැවසු බවයි.

ඔහු එය වඩාත් විනෝදජනක එකක් බවද ට්‍රම්ප් හමුවේ සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේ දී පසුගිය සතියේ අමෙරිකානු සබ්මැරීනයකින් එල්ල කරන ලද ටෝර්පිඩෝ ප්‍රහාරයකින් මෙම ඉරාන නාවික හමුදාවට අයත් Frigate වර්ගයේ IRIS Dena නෞකාව ගිල්වා දමනු ලැබුවා.

එම ප්‍රහාරයෙන් නාවිකයන් 104 දෙනෙක් පමණ මියගොස් 32 දෙනෙක් තුවාල ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *