මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවයි.
ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසනවා.
මේ වන විටත් ඉරානයට නායකයා ඇතුළු බොහෝ අහිමි වී ඇති බවද ට්‍රම්ප් සඳහන් කරනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ ඉරානය සතුව පැවැති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වන විට විනාශ කර ඇති බවත් ඔවුන්ට ස්වල්ප යුද ශක්තියක් පමණක් ඉතිරි ඇති බවත්ය.
මෙය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමඟ බොරතෙල් මිලට මොකද වුණේ?
ආසියානු වෙළෙඳපොල තුළ (10) උදෑසන ගණුදෙනු ආරම්භයේ දී බොරතෙල් මිල පහත වැටී තිබෙනවා.
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8.5%කින් පමණ පහළ වැටි ඩොලර් 92.50ක් ලෙස සටහන්ව ඇති බව සඳහන්.
තවද අමෙරිකානු වෙළෙඳපොලේ ද බොරතෙල් මිල ද 9%කින් පමණ පහළ ගොස් තිබෙනවා.
එහි බැරලයක මිල ඩොලර් 88.60ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වනවා.
මෙම මිල ගණන් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ පැවැති මිලට 30%කින් පමණ ඉහළ මට්ටමක තවදුරටත් පවතිනවා.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුද්ධය ඉතා ඉක්මණින් අවසන් වනු ඇති බව ප්‍රකාශ කිරීම සමඟ තෙල් මිල පහත වැටී ඇති බව වාර්තා වනවා.
තෙල් මිල පහළ වැටීමත් සමඟ ආසියානු කොටස් වෙළෙඳපොල තුළ නව උද්යෝගයක් ඇතිව තිබෙනවා.
මේ අනුව ජපානයේ Nikkei 225 දර්ශකය 2.8%කින් ද දකුණු කොරියාවේ Kospi දර්ශකය 5%කට වඩා වැඩි අගයකින් ද ඉහළ ගියා.
ආසියානු කලාපයේ බොහෝ රටවල් ගල්ෆ් කලාපයෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධාන පරිභෝගිකයන් ලෙස සැලකෙනවා.
ඊට පෙර පැවැති තෙල් මිල ඉහළ යාම එම වෙළෙඳපොළවල් වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබුණා.
මේ අතර ඊයේ (09) දින ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල 25%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය 2022 වසරේ මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම මිල මට්ටම ලෙසයි.
මේ අනුව ඊයේ (09) දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 24.96කින් හෙවත් 27%කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 117.65ක් ලෙස සටහන් වුණා.
මෙය සැලකෙන්නේ ඉතිහාසයේ එක් දිනක් තුළ සිදුවූ විශාලතම මිල ඉහළ යාම ලෙසයි.
තවද අමෙරිකානු WTI බොරතෙල් මිල ද ඩොලර් 25.72කින් හෙවත් 28.3%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 116.62ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
ඊට අමතරව වෙළෙඳපොලේ බොරතෙල් ගැටලුවට විසඳුම් වශයෙන් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය හදිසි බොරතෙල් බැරල් මිලියන 300ක් මුදා හැරීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.
G7 රටවලට මුදල් අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව යෝජනා වී ඇති බව සඳහන්.
ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110ක් ඉක්මවා ගොස් තිබීම නිසා මිල පාලනය කිරීම සහ ඉන්ධන හිඟය මඟ හැරවීම සඳහායි.








Leave a Reply