ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්රිකානු ක්රීඩක සහ පුහුණුකරු ගැරී කර්ස්ටන් පත් කර තිබෙනවා.
මේ අනුව ඔහු වසර දෙකක කාලයක් එම ධූරයේ කටයුතු කරනු ඇති.
ලබන 15 වනදා සිට මෙම පත් කිරීම බලාත්මක වනු ඇති.
ගැරී කර්ස්ටන්ගේ මෙහෙයවීම යටතේ ඉන්දියානු කණ්ඩායම 2011 වසරේ දී එක්දින ලෝක කුසලානය ජයග්රහණය කිරීමට සමත් වුණා.
2008 සිට 2011 දක්වා කාලය තුළ කර්ස්ටන් ඉන්දීය කණ්ඩායමේ ප්රධාන පුහුණුකාර ධුරය හෙබවූවා.
ඊට අමතරව 2011 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගැරී කර්ස්ටන් දකුණු අප්රිකානු කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.
එම කාලයේ දී දකුණු අප්රිකානු කණ්ඩායම සෑම ක්රිකට් ආකෘතියකම ලොව අංක 1 කණ්ඩායම බවට පත්වුණා.
නිමාවට පත් වූ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ නැම්බියා කණ්ඩායමේ උපදේශකවරයා ලෙසද ඔහු කටයුතු කළා.
1993 සිට 2004 දක්වා කාලයේ දී දකුණු අප්රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කර්ස්ටන් එක්දින සහ ටෙස්ට් ලකුණු 14087ක් රැස්කර ගැනීමට සමත් වුණා.








Leave a Reply