G7 රටවල මුදල් අමාත්‍යවරුන් හදිසි රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 2022 වසරේ අනතුරුව පළමු වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා යාම සමඟයි.
මෙහිදී පවතින මිල ඉහළ යාමට පිළිමයක් ලෙස හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමේ යෝජනාවකට එකඟ වීම සඳහා ඔවුන්ගේ අවධානය යොමු වීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යෝජනාව සඳහා අමෙරිකාව මේ වන විටත් සහයෝගය පළකර ඇති බවයි.
ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය සහ අමෙරිකා එක්සත් ජනපදය G7 රටවලට අයත් වනවා.
මේ අතර මෙම තොරතුරු වාර්තා වීම සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඩොලර් 117.65සිට ඩොලර් 104 දක්වා පහත වැටි ඇති බව සදහන්.








Leave a Reply