Loading...

අනතුරට පත් ඉරාන නෞකාවේ සිටි නැවියන් 32ක් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කරයි

ගාල්ල මුහුදට නාවික සැතපුම් 40ක දුරින් අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාවේ 180ක පිරිසක් සිට ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (04) පාර්ලිමේන්තුවේ දී අදහස් පළකළා.

ඉන් 30 දෙනෙක් නාවික හමුදාව විසින් මුදාගෙන මේ වන විට කරාපිටිය රෝහල වෙත රැගෙන විත් ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළා.

මේ අතර නෞකාව අනතුරට ලක්වූ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ යානයක් පිටත් කර ඇති බව වාර්තා වනවා.

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පිරිස මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදා ගැනීමේ කණ්ඩායම් විසින් ගොඩබිමට රැගෙන විත් තිබුණා.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඔවුන් ගාල්ල කරාපිටිය රෝහල් වෙත රැගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු කර ඇති බවයි.

මේ අතර අද (04) දින පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ එම නෞකාව ශ්‍රී ලංකාවට අයත් මුහුදේ දී අනතුරට ලක්ව ඇති බවයි.

මෙය ශ්‍රී ලංකාවට අයත් මුහුදේ දී නොවුණත් ජීවිත බේරා ගැනීම වගකීමක් වන බැවින් මෙහෙයුම සිදුකළ බවත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මේ සම්බන්ධව කටයුතු කරමින් සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කළා.

එම නෞකාව ගිලෙමින් පවතින බවට අද (04) උදෑසන 5.08ට පමණ නාවික හමුදාවට ලද පණිවුඩයක් අනුව බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ගාල්ල වෙරළේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් ආපදාවට ලක්වූ යාත්‍රාවක සිටි ඉරාන ජාතිකයින් තිස් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ප්‍රහාරයක් ද නැත්නම් වෙනත් හේතුවක් මත සිදුවූ අනතුරක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *