Loading...

නීතිවිරෝධී ලෙස වැඩි මුදලට ඩීසල් විකුණු පුද්ගලයෙක් අත්අඩංගුවට

පුල්මුඩේ නගරයේ වෙළෙඳසැලක බලපත්‍ර නොමැතිව වැඩි මුදලට ඩීසල් අලෙවි කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රී කාලයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පුල්මුඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරුකට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙහිදී පොලීසිය එම වෙළෙඳසැල වටලා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී නීතිවිරෝධී ලෙස රැස්කර තබාගත් ඩීසල් ලීටර් 390ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අර්පත් නගර්, පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු අද (04) කුච්චවේලි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුල්මුඩේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *